ඉන්දීය සිසුවෙක් ගිනස් වාර්තා පොතට.

By Hashini Sep 20, 2023 11:05 AM GMT
Report

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙක් කොණ්ඩය දිගට වවා ගිනස් පොතට එක වී තිබෙනවා.

ඔහු නමින් සිදක්දීප් සිං චාහල්.

මෙම තරුණයාගේ හිසකෙස් අඩි 4කුත් අඟල් 9.5ක් දිග බව සඳහන්.

නව යොවුන් වියේ පසුවන්නේකු සතුව තිබෙනා ලොව දිගම කොණ්ඩය ලෙසයි එය ගිනස් වාර්තා වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

සිදක්දීප් දවසට දෙවරක් වරක් තම හිස සෝදන අතර, සේදීම හා වියළීමට අවම පැයක කාලයක් ගතවන බව වාර්තා වෙනවා.

සිදක්දීප් පවසන්නේ තම මවගේ උපකාර නොතිබුනේ නම් එයට මුළු දවසම ගත වන බවයි.

මීට පෙර ලොව දිගම කොණ්ඩය හිමි සිසුවා වී සිටියේද ඉන්දීය සිසුවෙකි.

2021 වසරේ දී ඔහු තම කොණ්ඩය කෞතුකාගාරයට පරිත්‍යාග කළ බැවින් එම වාර්තාව සිදක්දීප්ට හිමි වී තිබෙනවා.

ගිනස් වාර්තා වෙබ් අඩවිය සඳහන් කරන්නේ ලොව දිගම කොණ්ඩය හිමි පිරිමි පුද්ගලයෙක් නොමැති බැවින් අවුරුදු 18 පිරීමෙන් එම වාර්තාවද සිදක්දීප් සතු වන බවයි.