දරුවන් අතර රෝගයක වැඩිවීමක් - අනිවාර්යයෙන් මේ දේ කරන්න.. දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්..
දරුවන් අතර මේ දිනවල ශ්වසන මාර්ගයේ රෝග බොහෝ විට වැඩි වී තිබෙනවා.
එමෙන්ම, ළමා හතියේ වැඩිවීමක් ද දක්නට ලැබෙයි.
ඒ පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ය.
ඒ මහතා කියා සිටියේ, මූලිකවම ඉහළ ශ්වසන මාර්ගයේ ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් උණ රෝග පවතින බවයි.
මෙහි රෝග ලක්ෂණ වශයෙන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, හිසරදය දක්නට ලැබෙයි.
එමෙන්ම, ඇතැම් ළමුන්ට වමනය ද පවති.
පවතින සීතල සහ වර්ෂාපතනයත් සමග ළමා හතිය වැඩි වී ඇති අතර වෛරස් උණට පසුකාලීනව බොහෝ විට ළමා හතිය දක්නට ලැබෙයි.
මේ දිනවල ළමුන් සංචරණය කරන නිසා පාචනය වැනි තත්ත්වයන්ද ළමුන් අතර දක්නට ලැබේ.
ඒ අනුව බඩඑළිය, වමනය, උණ වැනි රෝග ලක්ෂණ මෙහිදී හටගන්නා අතර දින 03කට වඩා උණ පවතින්නේ නම් මෙම දිනවල ඩෙංගු පවතින නිසා පූර්ණ රුධිර පරීක්ෂාවක් කරගන්නා ලෙස ද ඒ මහතා පැවසීය.
එමෙන්ම, අවට වටපිටාව පිරිසිදු කරගනිමින් ඩෙංගු බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙස ද ඔහු සඳහන් කළේ ය.
පාචනය වැනි තත්ත්වයන් පවතී නම් ළමුන්ට ස්වභාවික දියර ආහාර දෙන ලෙස පැවසූ දීපාල් මහතා බැදි හාල් කැඳ, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, පාන් ටෝස්ට්, කෙසෙල් ගෙඩි, තැඹිලි වතුර යෝගට් වැනි දෑ දීම සුදුසු බවද, තෙල්, බටර්, ගස්ලබු, කොළ ජාති, චීස් ආදිය ලබාදීමෙන් වළකින ලෙස ද කියා සිටියේ ය.
Sponsored By Sarrita Jewellery
