උඹ කව්ද යකෝ මගේ වැයික්කියේ සෙල්ලම් දන්න කියලා කොස්තාපල්ට පුජාවක් දීලා අයෙක් පළා යයි..
බලපත්ර නොමැතිව ට්රැක්ටර් රථයකින් වැලි ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් නිසා තවත් පුද්ගලයෙකු විසින් මාන්කුලම් ප්රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී තිබෙනවා.
එම පහර දීමෙන් තුවාල ලැබූ කොස්තාපල් වරයා මාන්කුලම රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙසේ ප්රහාරයට ලක්ව ඇත්තේ, මාන්කුලම පොලිසියට අනුයුක්ත පරිසර කොට්ඨාසයේ රාජකාරී කරමින් සිටි නිලධාරිවරයෙක්.
මෙම පොලිස් කොස්තාපල්වරයා මාන්කුලම් අම්බන්පුරම් ප්රදේශයේ සේවයේ නිරත වෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසිනුයි පහරදී පළා ගොස් තිබෙන්නේ.
පසුගිය දෙසැම්බර් 28 වැනිදා බලපත්රයක් නොමැතිව ට්රැක්ටර් රථයකින් වැලි ප්රවාහනය කරමින් සිටියදීයි මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
සිද්ධියට උරණ වී නිලධාරිවරයාට පහර දී ප්රදේශයෙන් පළා ගොස් ඇත්තේ, අම්බාල්පුරමි ප්රදේශයේ පදිංචි 38 පැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු අත්තඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන සිදු කරයි.
You may like this video