ඉරාන ජාතික තරුණියකට අතවර කළ සම්බාහන සේවකයෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Jun 09, 2024 01:11 PM GMT
Report

කෑගල්ල, රඹුක්කන පාර ආයුර්වේද සම්බාහන ආයතනයක් තුළ දී ඉරාන ජාතික තරුණියකට ලිංගික අතවර කළ බව කියන එම ආයනයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසනවා.

කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු වන අතර, මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ, අවුරුදු 24ක ඉරාන ජාතික තරුණියකි.

ලිංගික අතවරයට ලක්වූ ඉරාන ජාතික තරුණිය තවත් ඉරාන ජාතිකයන් කීප දෙනකු සමග ආයුර්වේද සම්බාහනය සදහා රන්දෙණිය ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ ඇති අතර එහි දී ඇය සම්බාහනය කිරීම සදහා සැකකරුට අවස්ථාව ලැබී ඇති බව පොලිසිය පවසා සිටියා.

කලාපයේ රටක් ලබාගත් දෙවන ඉහළම ඡන්ද ප්‍රමාණය ලබාගනිමින් ශ්‍රී ලංකාවට හිමි වූ දේ.

කලාපයේ රටක් ලබාගත් දෙවන ඉහළම ඡන්ද ප්‍රමාණය ලබාගනිමින් ශ්‍රී ලංකාවට හිමි වූ දේ.

එමෙන් ම, සැකකරු එම තරුණිය සම්බාහනය කිරීමේ කුටියකට කැඳවා සම්බාහනය කරන මුවාවෙන් එම කාන්තාවට විවිධ ලිංගික අතවර සිදුකළ බවට එම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි.