කලාපයේ රටක් ලබාගත් දෙවන ඉහළම ඡන්ද ප්‍රමාණය ලබාගනිමින් ශ්‍රී ලංකාවට හිමි වූ දේ.

UNESCO Sri Lanka
By Wayomi Jun 09, 2024 11:51 AM GMT
Wayomi

Wayomi

Report

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්‍රී ලංකාව තේරී පත්වී තිබෙනවා.

එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය වෙත තේරී පත්ව ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවට එහි 2025 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක ධුර කාලයක් හිමි වනු ඇති.

මෙහිදී ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජන්ද ප්‍රමාණය කලාපයේ රටක් ලබාගත් දෙවන ඉහළම ඡන්ද ප්‍රමාණය බවට පත්විය.

ශ්‍රී ලංකාව මීට පෙර 1985 – 1989 සහ 2006 – 2008 දක්වා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට සඳහා තේරී පත්වී තිබෙනවා.