ශිෂ්‍ය නායක තනතුර නොදුන්නැයි උරණ වී ගුරුවරයෙක්ට ප්‍රහාරයක්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
ගුරුවරයකුට පහර දුන් පුද්ගලයින් දෙදෙනකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කළේ ය.
මැණික්හින්න පොලීසිය සඳහන් කළේ, ශිෂ්‍යනායක තනතුර තම ඥාති පුත්‍රයාට ලබා නොදුන් බවට උරණ වූ දෙදෙනෙකු විසින් රජවැල්ල දෙමළ මහා විද්‍යාලයේ විනයභාර ගුරුවරයාට පහර දී ඇති බවයි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධව මැණික්හින්න පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.
