ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ස්ත්‍රී දූෂණ චෝදනා..

BCCI HARDIK PANDYA MUNAF PATEL RAJEEW SHUKLA RIYAZ HART
By Sewvandhi Nov 23, 2021 02:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා, මුනාෆ් පටෙල් සහ BCCI උප සභාපති රජීව් ශුක්ලාහට මෑතකදී මුම්බායි හි ගොනු කරන ලද පැමිණිල්ලක දී ස්ත්‍රී දූෂණ සහ ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

ට්විටර් වෙබ් අඩවියේ පලවී ඇති පරිදි මෙම FIR පැමිණිල්ල සැප්තැම්බර් මාසයේදී ගොනු කර ඇත්තේ ප්‍රකට පාතාල නායකයෙකු වන රියාස් භාටිගේ බිරිඳ විසිනි. අන්තර්ජාලයේ ඇති එෆ්අයිආර් පිටපත් වලට අනුව, රජීව් ශුක්ලා තම ලිංගික අපයෝජනයට එරෙහිව කතා කළහොත් කාන්තාවගේ පින්තූර සහ වීඩියෝ පිට කරන බවට තර්ජනය කල බව ද වාර්තාවේ.

මූලික වශයෙන් රජීව් ශුක්ලා වෙත එල්ල කරන ලද ස්ත්‍රී දූෂණ චෝදනා සමඟ, රියාස් භාතිට විවාහක දූෂණය, වධහිංසා පැමිණවීම් සහ පහරදීම් පිළිබඳ චෝදනා ද ඇත. ඔහු තම මිතුරන් සමඟ ලිංගික සම්බන්ධකම් නොපවත්වන්නේ නම් ඇයගේ සහ ඇගේ දරුවන්ගේ ජීවිතය අවසන් කරන බවට තර්ජනය කර ඇති බව ද වාර්තා වේ.

පැමිණිලිකරු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මුනාෆ් පටෙල් සමඟ හෝටල් කාමරයක බලහත්කාරයෙන් නිදා ගැනීමට සලස්වා ඇති බවද FIR හි සඳහන් වේ.

හර්දික් පාණ්ඩ්‍යාගේ නම ද සඳහන් වන්නේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ බීමතින් ඇයව දූෂණය කළ පුද්ගලයෙකු ලෙසයි. එසේම, සැප්තැම්බර් මාසයේදී පැමිණිල්ල ඉදිරිපත් කර තිබියදීත්, ත්‍ෂඍ ගොනු කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW