අද උදෑසන සිදු වූ බිහිසුණු අනතුරත් සමඟ ප්‍රධානම ධාවන පතයක සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ.- විශේෂ දැනුම්දීම මෙන්න.

Sri Lanka Railways Accident Department of Railways
By Wayomi Oct 18, 2024 05:41 AM GMT
Wayomi

Wayomi

Report

කොලොන්නාව සිට මඩකලපුව දක්වා ධාවනය වන අංක 6493 දරණ තෙල් ප්‍රවාහන සේවා දුම්රිය (Loaded) ගල්ඔය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයන් අතර මින්නේරිය දුම්රිය ස්ථානය ආසන්යේදී වන අලි දෙදෙනෙකු ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ජනපති අනුර වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙට.? - සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්.

ජනපති අනුර වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙට.? - සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්.


ඒ හේතුවෙන් කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ අද දිනයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

හරියටම මැනලා බොන්න ඕන නිසා ලස්සන පාට පාට බෝතල් මාරයෙක් ද ඔයා ගාවත් ඉන්නේ? - මෙන්න භයානකකම.

හරියටම මැනලා බොන්න ඕන නිසා ලස්සන පාට පාට බෝතල් මාරයෙක් ද ඔයා ගාවත් ඉන්නේ? - මෙන්න භයානකකම.


එම දුම්රියයන් මෙන්න.

පෙ.ව.01/35 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.(පොළොන්නරුව දක්වා පැමිණ ආපසු මඩකලපුව දක්වා ධාවනය වේ.)

පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත උදයදේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

පෙ.ව.06/05 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිත උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

පෙ.ව.06/50 ට ත්‍රිකුණාමලය සිට ගල්ඔය හන්දිය දක්වා ධාවනය වන සහ දහවල් 12/00 ට ගල්ඔය හන්දිය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වීමට නියමිත දුම්රියන් ද අද දින ධාවනය නොවේ.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.