ජනපති අනුර වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙට.? - සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්.
ජනාධිපතිවරයා විසින් වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය නිරීක්ෂණයට ලක් කළ බවට කරුණු දක්වමින් සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත අසත්‍යයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ වන විට පැමිණිළි කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක කියා සිටියේ.
ඔහු පවසන්නේ, ජනාධිපතිවරයා මෑත කාලයේ වැලිකඩ බන්ධනාගාරය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක නිරීක්ෂණ සංචාරයක් සිදුකර නොමැති බවයි.
එමෙන්ම බන්ධනාගාර තුළ පටිගත කිරීමක් හෝ දර්ශන ලබාගන්නේ නම් ඒ සඳහා බන්ධනාගාර මූලස්ථානය මගින් විශේෂ අවසරයක් ලබාගත යුතුයි.
මෙම සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන ලබාගැනීමට කිසිදු මාධ්‍ය ආයතනයක් මගින් අවසර ලබාගෙන නොමැති අතර, රූගත කිරීමක්ද සිදුව නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.