වැට් බදු නිසා පොත් මිල ඉහල යයි

Report

එකතු කළ අගය මත පනවන බදු (වැට්) සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම හේතුවෙන් මුද්‍රිත පොත්වල මිල 20% කින් ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

මෙය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා, ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරය සැමරීමේ අවස්ථාවකදීය.

ඔහු පැවසුවේ මෙසේය:

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන් හිටියා වැරදියි රු.මිලියනයක් ?

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන් හිටියා වැරදියි රු.මිලියනයක් ?

“පොත් මිල 20%කින් ඉහළ ගොස් තිබෙන්නේ ඒ කියන්නේ පොතක මිල රුපියල් 500ක් නම් එකේ රුපියල් 100ක් වැඩිවෙලා තියෙනවා. නිලධාරීන් කියනවා 15%ක වැට් බද්දක් පෙර සිට ලිපි ද්‍රව්‍ය වැනි දේවල්‌ට තිබුණා කියලා. නමුත් මුද්‍රිත පොත්වලට මේ දක්වා කිසිදු වැට් බද්දක් නෑ. දැන් ඒකට සෘජුවම 18%ක් අය කරනවා. ලිපි ද්‍රව්‍යවලට තිබුණේ 3%ක් විතරයි. ජනාධිපති ලේකම් කාර්යාලයත් මේ පිළිබඳව විශ්ලේෂණයක් කරමින් පවතින අතර ඉදිරියට පිළිතුරක් ලබා දෙන බව දන්වා තිබුණා.”

මෙම කරුණු සනාථ කරමින්, ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ අනුශාසක ගාමිණී මොරගොඩ මහතාද මාධ්‍යයට මෙසේ අදහස් දැක්වීය:

“ලෝකයේ කිසිම රටක පොත්වලට මෙහෙම වැට් බද්දක් අය කරන් නෑ. නමුත් ලංකාවේ අවුරුදු 75කට නොවූ වැට් බද්දක් 2024 ජනවාරි මස සිට ක්‍රියාත්මක වුණා. මෙය පොත් ව්‍යාපාරය බිඳ හෙළන තීරණයකි. මේ ක්‍රමය දිගටම පවත්නා විට, පොතක් පවා දරුවෙකුට මිලදී ගැනීමක් අපහසු වෙයි.”