අද සිට මදුරු මර්දන සතිය ඇරඹේ

Report

ජාතික මදුරු මර්දන සතිය අද (30) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

අද සිට එළැඹෙන ජූලි 05 දක්වා මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වසරේ අවසාන මාස 05 තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක තුළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඉහල පහල ගිය බොරතෙල් මිලට අද සිදු වූ දේ

ඉහල පහල ගිය බොරතෙල් මිලට අද සිදු වූ දේ

ඒ අනුව අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,025ක් වාර්තා වූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා සෞඛ්‍ය කලාප 16ක ප්‍රදේශ 95ක් ආවරණය වන පරිදී විශේෂ මදුරු මර්දන ව්‍යාපාරයක් පසුගිය මැයි මාසයේ 19 වැනි දින සිට 24 දක්වා ක්‍රියාත්මක කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එහිදී පරිශ්‍ර 128,824ක් පරීක්ෂා කළ බවය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

එමෙන්ම පසුගිය දිනවලදී ද ඇදහැළුණු අඛණ්ඩ වර්ෂාපතනය හමුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගිය බවත් පෙන්වාදෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම තත්ත්වය තුළ මේ වන විට සෑම සතියකම ඩෙංගු රෝගීන් 1,500ක් පමණ වාර්තා වන බවය.

අද සිට ආරම්භ වන ජාතික මදුරු මර්දන සතියේදී නිවාස, රජයේ සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් ස්ථාන ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම මදුරු මර්දන ව්‍යාපාරය පැවැත්වීමටද නියමිතව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙහිදී මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනා ගැනීම මෙන්ම ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජංගම කණ්ඩායම් යෙදවීමටද නියමිත බවයි.

සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිසිය

සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිසිය

අදින් ආරම්භ වන මෙම මදුරු මර්දන ව්‍යාපාරය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය නොවන සහ ප්‍රජා මූලික සංවිධානවල සහාය ඇතිව කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ, යාපනය, මොනරාගල, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, බදුල්ල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයන්හි බටහිර, මධ්‍යම, නැගෙනහිර, සබරගමුව, වයඹ, උතුරු, ඌව සහ දකුණු පළාත්වල මෙම විශේෂ මදුරු මර්දන ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර ඇත.