විදේශ ඇමති ලබන සතියේ කරන්න යන විශේෂ වැඩේ..
Ali Sabry
Sri Lanka
By Sithumi
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ එම් යූ එම් අලිසබ්රි සවුදි අරාබියේ නිල සංචාරයක ලබන 23 සිට 27 වනදා දක්වා නිරත වීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව අමාත්‍ය එම් යූ එම් අලිසබ්රි එම සංචාරයේ නිරත වන බවයි.
අමාත්‍ය එම් යූ එම් අලිසබ්රි එරට රැඳී සිටින කාලය තුළ ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම හා මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරුන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |