පොලිස් බිරිද යකා නටලා ලැජ්ජාවට සැමියා වස බීලා
ඊයේ (31) දහවල් කාලයේදී අලව්ව පොලිස් ස්ථානයේ රාජකාරී කරන කොස්තාපල්වරයෙකුට අදාළව කලහකාරී සිදුවීමක් වාර්තා වී ඇත. එම නිලධාරියාගේ බිරිඳ විසින් පොලිස් පරිශ්‍රයට ඇතුළු වී තම ස්වාමිපුරුෂයාට දොස් පවරමින්, පොලිස් භූමියේ නවත්වා තිබූ ඔහුට අයත් යතුරුපැදියට පහර දී අලාභහානි සිදුකර පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීමෙන් අනතුරුව, අදාළ පොලිස් කොස්තාපල්වරයා සිය නිවසට ගොස් ඇති අතර ටික වේලාවකින්, තම සැමියා යම් විෂ දියරයක් පානය කර ඇති බවට සැක පළකරමින් ඔහුගේ බිරිඳ විසින් අලව්ව පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.
පොලිසිය විසින් වහාම ක්‍රියාත්මක වී නිලධාරීන් කණ්ඩායමක් අදාළ කොස්තාපල්වරයාගේ නිවසට ගොස් ඇති අතර පසුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහු ප්‍රතිකාර ලබමින් සිටියි.
කෙසේ වෙතත්, මෙම ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර මතභේදයක් ඇති වීමට හේතුව කුමක්දැයි යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර අලව්ව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.