අජිත් රෝහණ මහතා නව තනතුරකට පත් කරයි

By Sewvandhi Oct 05, 2021 10:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්.

අජිත් රෝහණ මහතා නව තනතුරකට පත් කරයි | Ajith Rohana Appointed New Position

එමෙන්ම ,ඉදිරි මාස කිහිපය තුළ කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

තමන් ඒ බව ඉතා දැඩිව විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය. ලෝකයේ එන්නත්කරණය කරන ලද රටවල් අතරින් ධනවත් රටවල් 04කටත් ටත් එහා ගිය ප්‍රමුඛ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සෑම විටම ආණ්ඩුව ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීම තම ප්‍රමුඛ වගකීම ලෙස කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර දී පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට දක්වමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha