තාවකාලිකව වසා දැමුණු ගුවන් තොටුපළවල්....
රුසියාව පවසන්නේ යුක්රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් මොස්කව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
ආරක්ෂාව සහතික කිරීම සඳහා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපළවල් හතරම තාවකාලිකව වසා දමා ඇති බවයි රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනය වන රෝසාවියට්සියා ටෙලිග්‍රෑම් පවසන්නේ.
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ අවම වශයෙන් යුක්රේන ඩ්‍රෝන 19ක් විවිධ දිශාවලින් නගරයට ලඟා වීමට පෙර විනාශ කර ඇති බවයි.
ඔහු පවසා සිටියේ නගරයට ඇතුළු වන ප්‍රධාන මහාමාර්ග වලින් එකකට සුන්බුන් කිහිපයක් පතිත වී ඇති නමුත් කිසිදු ජිවිත හානියක් වාර්තා වී නොමැති බවයි.
යුක්‍රේන හමුදා හදිසි ආක්‍රමණයකින් මාස නවයකට පසු මොස්කව් මුළු කලාපයේම පාලනය නැවත ලබා ගත් බව අප්‍රේල් මාසයේදී මොස්කව් ප්‍රකාශ කිරිමෙන් පසුව මෙය සිදුවීම විශේෂත්වයක්.
යුක්‍රේන ප්‍රහාරයකින් රයිල්ස්ක් නගරයේ විඉදුලි උප පොලකට හානි වීමෙන් පසු විදුලිය ද අහිමි වූ බවයි රුසියානු නිලධාරින් වාර්තා කලේ...
