ලංකාවට තවත් භයානක අසුබ ලකුණක් - මේ ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න
දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් ඉකුත් දිනවලදී නිරීක්ෂණය වූ බවත් එය ගෙවුණු පැය 24 තුළ ද දැකගත හැකි වූ බවත් ඔහු සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් ය.
මෙම තත්ත්වය අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමඟ ඇති වන බව ද ඒ මහතා සඳහන් කළා.
එසේම මෙසේ වායු ගුණාත්මකභාවය පහළ යාමට මිනිස් ක්‍රියාකාරකම් ද බලපාන බවත් පෙන්වා දී ඇත. මේ සඳහා විශේෂයෙන් ගිනිතැබීම්, වාහනවලින් පිටවන දුමාරය ආදිය හේතුවන අතර ප්ලාස්ටික්, පොලිතීන් වැනි ද්‍රව්‍ය පිලිස්සීමෙන් වළකින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය රටෙහි වායු තත්ත්ව දර්ශකය එසේත් නොමැති නම් වායු ගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් පසුවෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.