පොල් වතු සාර්ථක කරගන්න AI තාක්ෂණය යොදාගනී

Report

කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පොල් වතුවල ඵලදායීතාවය ඉහළ නංවාගැනීමට කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) යොදා ගැනීමේ වැඩසටහන දඹදෙණිය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ආඩිගම ගොවිපලේදී ආරම්භ විය.

මෙම අවස්ථාව සදහා අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතා,කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය, ජාතික පශු සම්පත් සංවර් ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්.පෙරේරා මහතා, උප සභාපති වෛද්‍ය ඩබ්.එම්.ඩී.එස්. වන්නිනායක මහතා , සාමාන්‍යාධිකාරී පශු වෛද්‍ය කේ.ජී.ජේ. එස් දිස්නක මහතා ඇතුලු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් බොහෝ පිරිසක් සම්බන්ධ වී තිබේ.

කීර්ති ප්‍රශංසා සමඟ සියලු ලෞකික සැප ලැබෙන මේ ලග්නවලට අද දවසේ ජයෙන් ජය

කීර්ති ප්‍රශංසා සමඟ සියලු ලෞකික සැප ලැබෙන මේ ලග්නවලට අද දවසේ ජයෙන් ජය

ඒ අනුව මෙහිදී ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් පොල් වතු පරීක්ෂාවට ලක් කරන අතර ගස්වල නීරෝගීබාවය හඳුනාගැනීම හා පොහොර යෙදිය යුතු ආකාරය තීරණය කිරීම ඒවාට ප්‍රථිකාර කළයුතු ආකාරය තීරණය කිරීම ආදිය තාක්ෂණය උපයෝගී කරගන සිදු කරනු ලබයි.

තවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙම වැඩසටහනට සමගාමීව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයයේ පොල් ගස් 480,000 කට පොහොර යෙදීමේ වැඩසටහන සහ පොල් පැල 50,000 ක් සිටුවීමේ වැඩසටහනද නිරීක්ෂණයට ලක්කර ඇත. 

රන් මිල දැවැන්ත ලෙස පහළට - ගන්නවා නම් අද තමයි හොඳම දවස

රන් මිල දැවැන්ත ලෙස පහළට - ගන්නවා නම් අද තමයි හොඳම දවස