මෙරටින් ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි..

Report

 තංගල්ල පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත සිදුකළ විමර්ෂණයකදී අහුංගල්ල, මරදාන වත්ත ප්‍රදේශයේ ගෙවත්තක තිබී ක්ලේමෝ බෝම්බයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.  

කෙසෙල් පදුරක අසල සඟවා තිබියදී සොයා ගනු ලැබූ මෙම ක්ලේමෝ බෝම්බයේ බර කිලෝග්‍රෑම් 01ක් පමණ වන බවට අනුමාන කරන බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සහය ඇතිව ක්ලේමෝ බෝමය ආරක්‍ෂිත නිෂ්ක්‍රිය කිරීමෙන් අනතුරුව එය වැඩිදුර පරික්ෂණ සඳහා පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මෙම බෝම්බය හමුවී ඇත්තේ කොස්ගොඩ සුජී නමින් හැඳින්වෙන සංවිධානත්මක අපරාධකරුවෙකු ගේ ප්‍රධාන පෙලේ ගෝලයෙකු වන රංග සුපුන් කුමාර නමැත්තාගේ නිවසේ ගෙවත්තේ තිබියදී බවයි .