පිටිදූවේ හිමිට අවවාද? - සංඝ සභාව හමුවේ සමාව අයැද ප්‍රතිඥාවකුත් දීලා.

Sri Lanka Buddhism
By Wayomi Nov 02, 2023 11:56 AM GMT
Wayomi

Wayomi

Report

මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛකාරක සංඝ සභාව විසින් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

ඒ, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් සිදු කරන අනර්ථ දේශණයන් සිදු කිරීමෙන් වළකින ලෙසයි.

ඊයේ (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍යපහමුණේ ශ්‍රී සුමංගලහිමියන් මෙම කරුණු අවධාරණය කරනු ලැබුවා.

ඒ, අනුව පසුගිය 31 වනදා පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ ඇතුළු සානු නායක කාරක සංඝ සභාව හමුවට කැඳවා ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත් කරමින් සිදු කරන අනර්ථ දේශනා වහාම නතර කරන ලෙස උන්වහන්සේට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

මෙහිදී මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ සානු නායක කාරක සංඝ සභාව ඉදිරියේ ප්‍රකාශයක් සිදු කරමින් පිටිදූවේ සිරිධම්ම හිමියන් ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ප්‍රකාශයන් නොවන බවත් ඒ, හේතුවෙන් සමස්ත බෞද්ධ ජනතාවට සිදු වූ චිත්ත පීඩාවන් වෙනුවෙන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛකාරක සංඝ සභාවේ පාද නමස්කාර කොට සමාව ගන්නා බවයි.

එමෙන්ම මහා විහාර සම්ප්‍රදායන්ට පරිබාහිරව කිසිදු ධර්ම විග්‍රහයක් ඉදිරිපත් නොකරන බවට ද ප්‍රතිඥා දුන් බව ද මහා ලේඛාධිකාරිහිමියන් සඳහන් කර තිබෙනවා.

මේ අතර ඒ සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ද මල්වතු මහනායක හිමියන් ප්‍රමුඛ මහා කාරක සංඝ සභාවට පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ලබාදුන් බව ද වාර්තා වෙනවා.

ReeCha