ජල පාරිභෝගිකයන් සඳහා උග්‍ර ජල ගැටලුවක්...

Polonnaruwa Sri Lanka Water Board Water
By Parami Dissanayake Sep 19, 2024 02:45 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාම සහ ඇළ වේලි වසා දැමීම හේතුවෙන් පොළොන්නරුවේ ජල පාරිභෝගිකයන් 25,000කට අධික සංඛ්‍යාවකට උග්‍ර ජල ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක්...

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක්...

එමෙන් ම, මෙම තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලටද බාධා ඇතිවිය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.

තව ද, පොළොන්නරුව මහ රෝහල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාසල් ඇතුළු රාජ්‍ය ආයතනවලටද ජල සැපයුම සීමා වීම නිසා දැඩි බලපෑම් එල්ල වූ බව එම ආයතනවල නිලධාරීහු පවසති.

මැතිවරණ පැමිණිලි පන්දහසට ආසන්නයි... (PHOTO)

මැතිවරණ පැමිණිලි පන්දහසට ආසන්නයි... (PHOTO)

කෙසේ වෙතත්, පවතින තත්ත්වය පිළිබඳව පොළොන්නරුව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු රංජන අමරසිංහ මෙසේ ප්‍රකාශ කළේ ය.

"ඉදිරි දින දෙක තුන මැතිවරණය සඳහා සූදානම්. අපහසුවකින් තොරව අවශ්‍ය තරම් ජලය සැපයීමට අපි බවුසර් 3කුත් තාවකාලික ජල ටැංකිත් ස්ථානගත කරනවා. මීට පෙර වසරවලදීත් සැප්තැම්බර් මාසයේ මෙවැනි ජල හිඟයක් ඇති වූ විට වැලි කොට්ට ගසා ජලය එක් ‍රැස් කර ගත් අතර මෙවර එහි ඵලදායීතාව අවම බැවින් ජල පොම්ප යොදාගෙන ජල සැපයුම අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නවා"

යනුවෙනි.