ජනප්‍රිය ටෙලි නාට්‍ය වල සුරූපී නිළියන් ගණිකා ජාවාරමේ..දැඩි ඉල්ලුමක්..ඉටිපන්දම් එළියෙන් සැප ගනී..සුරූපී නිළියක් අතේ මාට්ටුයි..මහ මොලකරු ප්‍රසිද්ධ නළුවෙක්.

Police Sri Lanka Actress
By Aruna Mar 16, 2022 06:45 AM GMT
Aruna

Aruna

Report

ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවකු කොටුකර ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ටෙලි නළුවා වැඩිහරියක්ම පොලිස් නිලධාරීන්ගේ චරිතවලට පණපොවන අයකු බවයි උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ.

ඉකුත් දින වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, අලුතැපොළ ප්‍රදේශයේ උඩුමහලක පිහිටි ගණිකා නිවාසයක රැඳී සිටි තවත් ටෙලි නිළියක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජනප්‍රිය ටෙලි නළුවා ගැන තොරතුරු හෙළිවී තිබේ.

එමෙන්ම මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරුගෙන්ද වලාන දූෂණ මර්දන ඒකකය ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙහිදී අනාවරණය වී ඇත්තේ ටෙලි නාට්‍යවල රඟපෑම සඳහා තෝරාගන්නා ළාබාල නිළියන් මෙම නළුවා විසින් මෙම ස්ථානයට කැඳවා කළමනාකරුගේද සහාය ඇතුව මුදලට නොයෙකුත් පුද්ගලයන්ට විකුණන බවයි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වලාන දූෂණ ප්‍රහාරක බළඇණිය මෙම වැටලීම සිදුකර ඇතත් නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ හවස්වරුවේය.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථාවේදී විදුලිය විසන්ධිව තිබූ අතර පොලිස් නිලධාරීන් හඳුනාගත් සැකකාර නළුවා අඳුර මැදින් පලාගිය බවයි වාර්තා වන්නේ.

අලුතැපොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම ගණිකා නිවාසයට සැකකාර ටෙලිනළුවා විසින් ටෙලි නාට්‍ය නිළියන් ගෙනැවිත් මුදලට ලබාදෙන බව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත දින කිහිපයකට කලින් තොරතුරු ලබාදී තිබිණි.

ඒ අනුව එම නිලධාරීන් මෙම වැටලීම් සිදුකර තිබේ.

විදුලිය කපා හරින්න මොහොතකට පෙර තවත් ටෙලි නිළියන් කිහිපදෙනකු එම ස්ථානයේ රැඳී සිට ඇති බවත්, විදුලිය නැති වේලාවන්හිදී ගැනුම්කරුවන් පැමිණීම අඩු බැවින් ඔවුන් ඊට පැයකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් පොලිසිය කියයි.

එහෙත් සමහර ගැනුම්කරුවන් ඉටිපන්දම් දල්වාගෙන තරුණියන් සමඟ කාමරවල රැඳි සිටින බවද කියති.

අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යවල සහාය චරිත රඟපාන ළාබාල නිළියන් මුදලට විකිණීම මඟින් මෙම ටෙලි නළුවාද මුදල් උපයා ඇති බව කියති.

සමහර තරුණ ළාබාල නිළියන් ටෙලි නාට්‍යවල රඟපෑමට ඇති ආශාව නිසා මෙවැනි ක්‍රියාවලට අකැමැත්තෙන් වුවත් ඉදිරිපත් වන බවත් මෙම නිළියන් මුදලට ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් මාස තුනක කාලයක් තිස්සේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න. 
Join now


ReeCha