කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්රසිද්ධ නිළියකගෙන් චිත්රපටියකටත් ආරාධනා
කෙහෙල්බද්දර පද්මේ සහ මෙරට ප්රසිද්ධ නිළියන් හා බැඳුණු නානාප්රකාර කතා බතා මේ දවස්වල ඇහුනා සහ ඇහෙනවනේ.
ඔන්න ඒකටම හරියන්න අද වෙන කොට තවත් කතාවක් ඇහෙනවා.
ඒ පද්මේ පාතාලෙ ඉඳලා කලාවට අඩිය තියන්න ඒමක් ගැන. පොලිසිය කියන විදිහට චිත්රපට නිෂ්පාදනයකට සම්බන්ධ වන ලෙසට කෙහෙල්බද්දර පද්මේට ආරාධනා කරපු බවට ඔවුන් වෙත පුවත් ලැබිලා තියෙනවා.
ඒ ඩුබායි පැවති අලුත් අවුරුදු සැමරුමකදී හඳුනාගත් ප්රකට නිළියක් විසින් කියලා තමයි කියන්නේ.
ඒ වගේම පොලිස් නිලධාරියෙක් අවධාරණය කළේ මෙම තොරතුරේ තියෙන ඇත්ත නැත්ත තහවුරු කරගන්න අදාළ නිළියගෙන් ප්රකාශයක් සටහන් කර ගන්න බවයි.
කොහොම වුණත් ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙක් නම් කිව්වේ මේ කතාබහට අදාළව කෙහෙල්බද්දර පද්මේගෙනුත් ප්රශ්න කිරීමක් කරනවා කියලා තමයි.
නිකමට හිතන්නකෝ පාතාලේ වෙනුවට පද්මේ කලාවට අඩිය තියලා තිබ්බ නම් මේ කතාබතා අද ගොඩක් වෙනස් වෙලා අපරාධකාරයෙක් වෙනුවට අද පද්මේ කලාකරුවෙක් වෙලා ඉන්න තිබ්බා.