සක්‍රීය නායයාමක් ගැන අනතුරු අඟවයි - වහාම ජනතාව ඉවතට

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) මඟින් හාල්දුම්මුල්ල, බත්ගොඩ, වේවැල්වේ ගොල්ල මාර්ගය ආසන්නයේ සක්‍රීය වී ඇති නායයෑමක් පිළිබඳව පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හාල්දුම්මුල්ල, බත්ගොඩ, වේවැල්වේ ගොල්ල මාර්ගය ආසන්න ප්‍රදේශයේ කඳු ආශ්‍රිතව සිදුව ඇති විශාල ඉරිතැලීම්, රොන්මඩ ගැලීම් හේතුවෙන් මෙම නායයෑම සක්‍රීය වී ඇති බවට සැක පළ වේ.

එබැවින් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර නිශ්චිත වාර්තාවක් ලබා ගැනීමට NBRO මඟින් බලාපොරොත්තු වන බව සඳහන්.

කොත්මලේ තවත් ලොකු ඛේදවාචකයක් - නායයෑමෙන් සොයාගත් සිරුරු භූමදානය කිරිමට නොහැකි තත්ත්වයක්

කොත්මලේ තවත් ලොකු ඛේදවාචකයක් - නායයෑමෙන් සොයාගත් සිරුරු භූමදානය කිරිමට නොහැකි තත්ත්වයක්

එසේම මෙම නායයෑම සක්‍රීය වුවහොත්, එමඟින් බදුල්ල ප්‍රධාන මාර්ගය, අවට පිහිටි නිවාස සහ දේපළවලට බලපෑම් ඇතිවීමේ අවදානමක් ඇත.

එම ප්‍රදේශයේ නායයෑමේ ලක්ෂණ පහළ වීම නිසා ආරක්‍ෂක පියවරක් වශයෙන් ප්‍රදේශවාසී පවුල් කිහිපයක් පසුගිය දිනවල එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් දැනට හාල්දුම්මුල්ල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇති බව සඳහන්.

ජල මට්ටම ඉහළට - මේ අයට අනතුරු ඇඟවීමක්

ජල මට්ටම ඉහළට - මේ අයට අනතුරු ඇඟවීමක්

ආපදාවෙන් මියගිය අයට මරණ සහතික දෙන්නේ මෙහෙමයි - විශේෂ ගැසට් එකක් එළියට

ආපදාවෙන් මියගිය අයට මරණ සහතික දෙන්නේ මෙහෙමයි - විශේෂ ගැසට් එකක් එළියට