අත්තක් කඩා වැටි බස් නැවතුමේ සිටි තිදෙනෙක් රෝහලේ

Hatton sri lanka bus stand accsident
By Sithumi Jun 13, 2021 11:04 AM GMT
Report

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශ වේල්ලට යාබදව පිහිටි ඔස්බොන් වත්ත ප්‍රදේශයේදි විශාල මාර ගසක අත්තක් බස් නැවතුම්පොලකට කඩා වැටිමෙන් බස් නැවතුම්පොල තුළ වැස්සට රැදි සිටි තරුණයන් තිදෙනකු බරපතල තුවාල ලබා තිබේ.

තුවාල කරුවන් දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එක් තුවාලකරුවකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙන බව නෝටන්බ්‍රිජ් පොලිසිය සඳහන් කරයි. ඊයේ (12) පස්වරුවේ අධික වර්ෂාවක් පතිත වීමත් සමග අත්ත කඩා වැටී අනතුර සිදුව ඇත.

ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන් එක්ව අනතුරට පත් තරුණයන් තිදෙනා ඉන් මුදවාගෙන රෝහල් ගත කර තිබුණි.