බණ්ඩාරගම රිය අනතුරක්.

By Hashini Oct 11, 2023 07:11 AM GMT
Report

බණ්ඩාරගම රිය අනතුරක්. බණ්ඩාරගම දී රිය අනතුරක් සිදුව තිබෙනවා.

ත්‍රීරෝද දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් එක් ත්‍රිරෝද රථ රියැදුරකු මිය ගොස් ඇති බවයි බණ්ඩාරගම පොලීසිය පවසන්නේ.

එසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම වරාවත්ත පදිංචිව සිටි දිලිප් කුමාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම අනතුර සිදුව ඇත්තේ බණ්ඩාරගම අඟුරුවාතොට මාර්ගයේ රයිගම හන්දිය ආසන්නයේදීයි.

අනතුරින් බරපතළ තුවාල ලද ත්‍රීරෝද රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.