සීගිරි පර්වතයේදී විදේශිකයෙක්ට මුහුණදීමට සිදුවූ සංවේදී සිදුවීමක්..
සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Caitano Rancisco නමැති වයස අවුරුදු 70 ක පුද්ගලයෙක් වන බවයි, සීගිරිය පොලිසිය පවසන්නේ.
මිය ගිය විදේශිකයා අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීමෙන් අනතුරුව තම පවුලේ සාමාජිකයන් සමඟ සීගිය නැරඹීමට සීගිරියට පැමිණ සීගිරිය තරණය කරන අතරේදී බිතු සිතුවම් ගුහාව අසලදී හදිසි අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක අංශයේ සහාය ඇතිව ඔහු සීගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇති බවයි පැවසෙන්නේ.
කෙසේනමුත් රෝහලට ඇතුළත්කොට සුළු මොහොතකින් ඔහු මියගොස් ඇතැයි වාර්තා පැවසෙන්නේ.
දඹුල්ල රෝහල් පොලිසිය පවසන්නේ, දැනට විදේශිකයාගේ මෘත දේහය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සංචාරකයා සමඟ පැමිණි ඥාතීන්ට දේහය භාරදීමට නියමිත බවයි දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ.