තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මිය යද්දී තවත් තරුණයෙක් මහමග නොයෙන ගමන් යයි..

Sri Lanka Police Accident Death
By Aruna Oct 21, 2024 02:23 AM GMT
Aruna

Aruna

Report

කහටගස්දිගිලිය, ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24 හා 34 යන වයස්වල පසුවන පොල්ගහවෙල හා පූජාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, මොවුන් දෙදෙනා ඊයේ (20) සවස තවත් දෙදෙනකු සමග මත්පැන් පානය කර ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවයි.

අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්.. යළි මේ ප්‍රදේශ වලට වැස්ස වැඩි වෙයි.

අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්.. යළි මේ ප්‍රදේශ වලට වැස්ස වැඩි වෙයි.


මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කහටගස්දිගිලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, රාගම, තේවත්ත දඹුව හන්දිය අතුරු මාර්ගයේ දී තේවත්ත දෙස සිට දඹුව හන්දිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17 ක් වයසැති කැන්දලියද්දපාලුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.