ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දීමනාවක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණයක් ..

Sri Lanka Army Sri Lanka Ministry of Defense Sri Lanka Sri Lanka Navy Sri Lanka Air Force
By Piyumika Oct 01, 2024 06:10 AM GMT
Piyumika

Piyumika

Report

ප්‍රභූ ආරක්‍ෂක රාජකාරින් සඳහා යොමු කර ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළබවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිංහරාජ වනාන්තරය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග.

සිංහරාජ වනාන්තරය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග.

ආරක්‍ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2024 සැප්තැම්බර් මස 22 වන දිනයෙන් පසු ප්‍රභූ ආරක්‍ෂක රාජකාරියන්හි නොයෙදෙන බැවින්, ඔවුන්ට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව 2024 සැප්තැම්බර් මස 22 දින දක්වා පමණක් හිමි ගන්වන ලෙස බව එම නිවේදනයෙහි සඳහන්.

බිහිසුණු පිහි ඇනුමකින් තිදෙනෙක් මරුට..

බිහිසුණු පිහි ඇනුමකින් තිදෙනෙක් මරුට..

තවද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම නතරකොට නොමැති බව ද ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.