මෙවන් පරිසර හානියක් සිදුවන තුරු බලධාරීන් ඇස් වසා සිටින්නේ කොහොමද ?..

Sri Lanka Latest Headlines
By Piyumika Sep 18, 2024 08:22 AM GMT
Piyumika

Piyumika

Report

පන්නල දරලුව ග්‍රාම සේවා වසමට අයත් කුඹුරු යාය මැදින් ගලා බසිනා ඇළ මාර්ගයට ප්‍රදේශයේ පිහිටි පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවකින් අප ජලයේ මුදාහැරීම නිසා ඇල මාර්ගයේ සිටි මාළු විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව ගොවීහු කියති.

සිගිත්තෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුර..

සිගිත්තෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුර..

වසර කිහිපයක සිට මෙම කර්මාන්තශාලාවෙන් ඉවත් කරනු ලබන අප ජලය නිසා ඇල මාර්ගයේ දෙපස ඇති කුඹුරු විනාශ වී යන බවද ඔවුහු පෙන්වා දෙති.

ඊයේ (18) කර්මාන්ත ශාලාවෙන් මුදා හැරී අප ජලය නිසා ඇළ මාර්ගයේ සිටි ජලජ ජීවීන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවත් එම ප්‍රදේශය තෙල් තට්ටුවකින් වැසී ගොස් ඇති බවද ගොවි ජනතාව පවසති.

කාන්තාවකට පහර දුන්නාට අත්තඩංගුවට ගන්න ආපු පොලිසියට කරලා තියන දෙයක්..

කාන්තාවකට පහර දුන්නාට අත්තඩංගුවට ගන්න ආපු පොලිසියට කරලා තියන දෙයක්..

මෙම ගැටළුව සම්බන්ධයෙන් අදාල බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුවත් කළද මේ වන විටත් එම පරිසර හානිය සිදුවන බව ද කියති.