හුරතල් සිංහයෙක් එක්ක අමුතු සවාරියක ගිය කතකට වුණ අකරතැබ්බ - සමාජ මාධ්‍යත් හොල්ලයි.. (VIDEO/PHOTOS)

Thailand Latest Headlines Decision Making
By krishani Jan 25, 2024 12:44 PM GMT
krishani

krishani

Report

කාන්තාවක් විසින් Pattaya නගරයේ වීථිවල සුරතල් සිංහයෙකු සමග සවාරියේ යෙදුණු සිදුවීමක් පිළිබඳව තොරතුරු තායිලන්තයෙන් වාර්තා වේ.

හුරතල් සිංහයෙක් එක්ක අමුතු සවාරියක ගිය කතකට වුණ අකරතැබ්බ - සමාජ මාධ්‍යත් හොල්ලයි.. (VIDEO/PHOTOS) | A Woman Rides With A Pet Lion In Thailand

ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිංහ පැටියා සුදු පැහැති විවෘත Bentley රථයක පිටුපස අසුන්ගෙන සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

Sawangjit Kosoongnern විසින් සිංහයා ගෙන තිබුණේ තායිලන්තයේ මීට ටික කාලයකට පෙර රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකුගෙන් බව වාර්තා වේ.

තායිලන්තයේ සිංහයෙකු හදා ගැනීම නීති විරෝධී වන අතර එය නිල වශයෙන් ලියාපදිංචි කළ යුතු වේ.

හුරතල් සිංහයෙක් එක්ක අමුතු සවාරියක ගිය කතකට වුණ අකරතැබ්බ - සමාජ මාධ්‍යත් හොල්ලයි.. (VIDEO/PHOTOS) | A Woman Rides With A Pet Lion In Thailand

ඒ හේතුවෙන් අවසරයකින් තොරව වන සතෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට ඇය මුහුණ දී තිබෙනවා.

එය වසරක සිර දඬුවමක් සහ ඩොලර් 2800 දක්වා දඩයකට යටත් වන බව සඳහන් වන අතර සිංහයා කුලියට දුන් ශ්‍රී ලාංකිකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසිය ඔහු සොයමින් සිටි.

නමුත් ඔහු තවදුරටත් තායිලන්තයේ නොමැති නිසා එය කිරීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ තායිලන්තයේ දැනට නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඇති සිංහයන් 224ක් සිටින බවයි.

වීඩියෝ දර්ශන - English News



Sponsored By Sarrita Jewellery

හුරතල් සිංහයෙක් එක්ක අමුතු සවාරියක ගිය කතකට වුණ අකරතැබ්බ - සමාජ මාධ්‍යත් හොල්ලයි.. (VIDEO/PHOTOS) | A Woman Rides With A Pet Lion In Thailand

ReeCha