කණෙන් ලේ වැගිරෙමින් සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවගේ භයානක සිදුවීම.
Police spokesman
Hambantota
Sri Lanka
Death
By Sithumi
සූරියවැව රෝහලේ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී තිබෙනවා.
මේ පිළිබඳ එම රෝහලෙන් ලද තොරතුරක් මත සුරියවැව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී දකුණු වැලමිට තුවාල වී තිබෙනවා.
එමෙන්ම දකුණු කනෙන් ලේ වහනය වී ඇති බවක් දක්නට ලැබුණු බවත් මෙය සැකකටයුතු මරණයක් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධව සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
