හෙට දිනයේ ජල කප්පාදුවක්.

Colombo Sri Lanka Water Cut Water Board
By Hashini Nov 03, 2023 02:59 AM GMT
Hashini

Hashini

Report

හෙට (04) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කරනු ලබනවා.

මෙම ජල කප්පාදුව සිදු කරන්නේ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘති මඟින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙනි.

ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ හෙට (04) සෙනසුරාදා දින පස්වරු 7.00 සිට නොවැම්බර් 05 වන ඉරිදා දින පෙරවරු 5.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි.

ජල ප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජල සැපයුම අත්හිටුවීමෙන් සිදු වන අපහසුතාවය පිලිබඳ සිය කනගාටුව ප්‍රකාශ කරන අතර,අවශ්‍ය ජලය කල්තබා රැස් කර ගන්නා ලෙසයි.

ReeCha