පළාත් කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පළාත් කිහිපයකට බලාත්මක වනවා.
කලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර,මධ්‍යම, සබරගමුව,ඌව, දකුණ සහ වයඹ පලාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.
දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි.