ලබන 19 වෙනිදා ගැන කලින්ම කළ දැනුම්දීම - එදාට මෙන්න මේ දේ වෙනවා..

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Jun 16, 2024 11:14 PM GMT
krishani

krishani

Report

ලබන 19 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ලබන 19 වෙනිදා ගැන කලින්ම කළ දැනුම්දීම - එදාට මෙන්න මේ දේ වෙනවා.. | A Treasury Bill Auction 19Th June 2024

එහිදී රුපියල් මිලියන 230,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ පළාත් පාලන ආයතනවල සේවය ස්ථර නොකරන ලද සියලු‍ සේවකයින් ස්ථීර කිරීමට පියවර ගත් බවයි.

ඉකුත් සිකුරාදා සිට අදාළ ස්ථිර කිරීම් සිදු කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඒ මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.