හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු සිව්දෙනෙකුට විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්.

Maithripala Sirisena Sri Lanka Supreme Court of Sri Lanka Easter Attack Sri Lanka
By Wayomi Nov 02, 2023 07:34 AM GMT
Wayomi

Wayomi

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව සිව්දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මෙම ප්‍රහාරයට අදාලව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් තම වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට මෙලෙස නියෝග කර ඇත.

මෙම නියෝග ලබා දී ඇත්තේ, පාස්කු ප්‍රහාරයට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් අද කැඳවූ අවස්ථාවේදී වන් අතර දෙසැම්බර් මස 30 වනදාට පෙර එම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් යුතු වෙනවා. 

ReeCha