"නාමල්ව රිමාන්ඩ් කරලා ආණ්ඩුවම 12 වෙනිදා රැළියට සපෝට් එක දෙනවා" - චාමර සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ, සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත රැළිය සඳහා ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව නාමල් රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බවයි.
නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවතින්නේ නම්, නීතියට අනුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති නමුත්, එම ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව ගැටලු පවතින බව මන්ත්‍රීවරයා පැවසීය.
චාමර සමපත් දසනායක මහතා සදහන් කළේ මෙවන් අදහසක්
''මේ වෙද්දී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්දනාගත කරන්න ඕනේ . ගැටළුවක් තියනම් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න ඕනේ හැබැයි රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියන ක්‍රමවේදය වෙනස් නිමල් පෙරේරා කියලා කියලා හොරෙක් මේ රටෙත් හොරකම් කරලා ගෙවල් අරගන කෝටිපතියෙක් වෙලා කොහෙදෝ රටකට ගිහිල්ලා දෙන කට උත්තරේකට අල්ලස් දීපු එකත් වැරදී ගත්තු එකත් වැරදී එහෙනම් නිමල් පෙරේරා ලංකාවට ගෙනල්ලා මුළින්ම අල්ලස් දීපු එක්කෙනා අත් අඩංගුවට ගන්න ඕනේ ආණ්ඩුව සපෝට් දෙනවා 12 වෙනිදා රැළියට .
සැප්තැම්බර් 2 නිදහස් සම්මේලනය තිබ්බා අපිට සපෝට් එකක් දුන්නේ නෑ ආණ්ඩුව. චාමාර සම්පත් ඇතුළට දැම්මනම් අපිටත් සෙනග ටිකක් හදාගන්න තිබුණා.මේ ආණ්ඩුව 12 වෙනි දා රැස්වීමට ජනාධිපතිතුමා ඇතුළුව උදව් කරනවා නාමල්ට
මෙතන මන්ත්‍රී තුමෙක් කිව්වා මහ බැංකු වංචාව ගැන කව්ද අර්ජුන මහේන්ද්‍රන් රටින් යැව්වේ එයාට කොන්දේසි නෑ අපේ පළවෙනි වැඩේ අර්ජුන් ලංකාවෙන් ගේනවා කිව්වා .කවදාවත් අල්ලන්න වෙන්නේ නෑ ''