බස් රථයට එල්ල කල ගල් ප්‍රහාරයට ලක් වූ හෙදිය සහ රියදුරා රෝහලේ.
Police spokesman
Colombo
Sri Lanka
By Hashini
බණ්ඩාරවෙල කොළඹ දක්වා ධාවනය වෙමින් පැවති බස් රථයකට පුද්ගලයන් දෙදෙනෙකු ගල්වලින් පහර දී තිබෙනවා.
එම ප්‍රහාරය හේතුවෙන් අදාළ බස් රථයේ රියදුරා සහ එම බස් රථයේ ගමන් ගත් හෙදියක් රෝහල් ගත කර තිබෙනවා.
ගමන් කාලසටහන් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවකට උරණ වීම හේතුවෙන් තවත් බස් රථ හිමියෙකු මෙම ප්‍රහාරය මෙහෙවවන්නට ඇතැයි තණමල්විල පොලීසිය පවසනවා.
ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි.
