ලිංගිකව උත්තේජනය වෙන්න ඔබත් මේවා භාවිත කරනවද.. කෝටි ගණන් වටින ලිංගික උත්තේජන පෙති තොගයක් සොයාගත් හැටි...
Sri Lanka Police Investigation
Crime Branch Criminal Investigation Department
Crime
By Sewvandhi
ඉන්දියාවේ සිට මාලු බෝට්ටු තුළ සඟවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ලිංගික උත්තේජක තොගයක් සමග ව්‍යාපාරිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සමඟ ලිංගික උත්තේජක පෙති 31750 ක් ලිංගික උත්තේජක ජෙල් පැකට් 259 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද ලද තොරතුරකට අනුව කොළඹ 12 කෙසෙල් වත්ත සිල්වර් ස්මිත් පටුමග නිවසක් වටලා බලපත්‍ර නොමැතිව මෙරට මෙරටට ආනයනය කර ගබඩා කර තිබූ මෙම උත්තේජක තොගය පොලිස් භාරයට ගෙනඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෙනත් පුද්ගලයකුට මුදලට ලබාදෙන තෙක් මේවා ගබඩාකර තැබූ බවට සැකකරුගෙන් අනාවරණය වී තිබෙනවා.
