ඔස්ට්‍රේලියාවේ සිදු වූ කාන්තා ඝාතනයකට ලාංකික තරුණයෙක් අත්අඩංගුවට. (PHOTOS)
Australia
Crime
Murder
By Wayomi
ඔස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේදී කාන්තාවකගේ ඝාතන සිද්ධියකට සැකපිට ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය මෙම ලංකිකයා එම සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි සූපවේදියෙකු ලෙස කටයුතු කරන අතර ඝාතනයට ලක්ව ඇති කාන්තාව මෙම පුද්ගලයා එකට සේවයේ යේදී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන ජූඩ් විජේසිංහ නමැති පුද්ගලයෙක්.
අදාල කාන්තාව තියුණු ආයුධයකින් පහරදීමෙන් ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.
අනතුරුව සැකකාර ජූඩ් විජේසිංහ නමැත්තාද ආයුධයකින් තමන්ටම තුවාල සිදුකරගෙන ඇති බවත්, ඉන් තුවාල ලැබූ ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් සඳහන්.
ඝාතනයට භාවිත කළ බවට සැක පිහියද මේ වනවිට ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති අතර අදාළ සිදුවීමත් සමඟ කැන්බරා සත්වෝද්‍යානයද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.
