ආයතන 16ක් වහා එක් වෙයි.. නෝට්ටු වලින් ගෙවන්න බැරි ද?. ජනවාරියෙ වෙන විප්ලවීය.. වෙනස මෙන්න..

Government Of Sri Lanka Latest Headlines Decision Making National People's Power - NPP
By krishani Dec 27, 2024 01:53 PM GMT
krishani

krishani

Report

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කළේ ය.

නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

වහා ජනවාරි 1 වෙනිදා සිට වෙන තහනම.. දරුවන් ගැන සිතා.. නව රජය ගත් විශේෂ තීරණය මෙන්න..

වහා ජනවාරි 1 වෙනිදා සිට වෙන තහනම.. දරුවන් ගැන සිතා.. නව රජය ගත් විශේෂ තීරණය මෙන්න..

එමෙන්ම, නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේ ද ගැටලු රැසක් ඇතිවන බව ඒ මහතා පෙන්වා දෙයි.

තවද, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණයට සැලසුම් කර ඇති බවයි.

GOVPAY (ගවුපේ) යෙදවුම හරහා ඒ සඳහා පහසුකම් සලසා ඇති අතර ඊට රාජ්‍ය ආයතන 16 ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන්ම, ජනවාරි මාසයේ දී අනෙකුත් රාජ්‍ය ආයතනද එම යෙදවුම හා සම්බන්ධ කිරීමට නියමිතයි.

ඒ අනුව රජයට කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණය කෙරෙනු ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ තුළින් කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන බවයි.

කෙසේ වෙතත්, මීට අමතරව මිනිස් ශ්‍රමය අවම වීම, අක්‍රමිකතා හා දූෂණ ක්‍රියා තුරන්ව යාම මෙන්ම ජනතාවට වඩාත් පහසු සේවාවක් සලසා ගැනීමටද ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයෙන් හැකියාව ලැබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

You May Like This Video👇 

.

ReeCha