සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Motor Vehicles
By Aruna Dec 25, 2023 03:02 AM GMT
Aruna

Aruna

Report

එළැඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් දිවයින පුරා බීමත් රියැදුරන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පවසනවා.

මෙම මෙහෙයුම දෙසැම්බර් මස අවසන් සතියේ සිට ජනවාරි මස දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර උත්සව සමය තුළ සිදුවන රිය අනතුරු ප්‍රමාණය ඉහළ බැවින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව තිබේ.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය දෙසැම්බර් 15 වැනිදා සිට දෙසැම්බර් 19 වැනිදා දක්වා රථ වාහන පොලිසිය මගින් රථ වාහන රියැදුරන් සම්බන්ධව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර දින හතරක එම වැඩපිළිවෙළ මගින් බීමත්ව රිය පැදවූ රියැදුරන් 2 427ක්, අපරික්ෂාකාරී අයුරින් රිය ධාවන කළ රියැදුරන් 232ක් සහ අධික වේගයෙන් රිය ධාවනයේ යෙදුණු 235කට ආසන්න රියැදුරන් සංඛ්‍යාවක් හඳුනාගත් බවයි.

ReeCha