කප්පම් ඉල්ලන්නන්ට බිය නොවී කළ යුතු දේ ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Police Sri Lanka
By Wayomi Nov 02, 2023 08:55 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය දිනවල කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් බියට පත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයින් සහ විවිධ ජාවාරම්කරුවන් විසින් ව්‍යාපාරිකයින්ට කප්පම් මුදල් ඉල්ලා සිදුකරන බිය ගැන්වීම් සහ තර්ජනය කිරීම් සිදු කරන අතර මෙවැනි අවස්ථාවන්වලදී කප්පම් මුදල් ලබා දීමෙන් වැළකී සිටින ලෙසත්, එවැනි ක්‍රියා වහාම පොලිසියට දැනුම් දෙන ලෙසත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විදෙස්ගතව සැගවී සිටින පාතාල කල්ලි සාමාජිකයින්ගේ නම් යොදා ගනිමින් මෙරට සිටින ජාවාරම්කරුවන් විසින් කප්පම් මුදල් ඉල්ලා සිටින බවට ඇතැම් ව්‍යාපාරිකයින් ප්‍රකශ කරන බවයි. 

ReeCha