ප්‍රධාන මාර්ගයක ගිලා බැසීමක්.
Sri Lanka Police
Colombo
Sri Lanka
Hatton
By Hashini
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කෝවිල අසල මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක් වී තිබෙනවා.
එම ගිලා බැසීම අද (03) උදෑසන සිදු වී තිබෙන බවයි ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේ.
මෙම ගිලා බැසීම හේතුවෙන් හැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනය එක මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන්නේ එම ස්ථානය හරහා රිය ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි.
එම ස්ථානය මීට පෙර ද ගිලා බැසීමකට ලක්ව තිබෙනවා.
