පාසල් කාලය තුළ කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහන කොන්දේසි යළි වෙනස් කෙරේ
පසුගිය කාල සීමාවේ සිදු වූ අනතුරු සැලකිල්ලට ගැන පාසල් කාලය තුළ විශේෂ කාල සීමාවක් ඇතුළත කළුගල් සහ ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවා තිබුණි.
නමුත් මේ වන විට මෙම තීරණය වෙනස් කොට ඇති අතර පාසල් පැවැත්වෙන දිනවල කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු සංශෝධන සහිත කොන්දේසි මාලාවක් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසින් නිකුත් කර තිබේ.
මේ අනුව, අද සිට පාසල් පැවැත්වෙන දිනවන පෙරවරු 6.30 සිට පෙරවරු 7.45 දක්වා සහ පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා වූ කාල සීමාවන් තුළ කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහන කටයුතු වේග සීමා යටතේ පොලිසියේ අධීක්ෂණය මත සිදුකළ යුතුයි.