වාහන 3000ක් එක්ක නෞකාවක් ගිනි ගනී

By Hashini Jun 06, 2025 02:45 AM GMT
Report

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ මෙම නෞව්කාව මගින් මෙක්සිකොව වෙත විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බවයි.

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්යමණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.

ඒ හේතුවෙන් නෞකාවේ කාර්යමණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබේ.

ආයෙත් ලුණු හිඟයක්? අමුතු කතාවක් එළියට

ආයෙත් ලුණු හිඟයක්? අමුතු කතාවක් එළියට

එම කාර්යමණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක කාර්යමණ්ඩලය විසින් බේරාගෙන ඇත.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ 2023 වර්ෂයේදී ද මේ ආකාරයෙන් ජර්මනියේ සිට සිංගප්පූරුව දක්වා විද්‍යුත් මෝටර් රථ 500යකට ආසන්න ප්‍රමානයක් සමග මෝටර් රථ 3,000ක් රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනිගැනීමට ලක්ව තිබූ බවයි. 

ප්ලේන් එක එද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා - ඇමති බිමල්

ප්ලේන් එක එද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා - ඇමති බිමල්