දිස්ත්‍රික්ක 7ක ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක්. - ඩෙංගු මර්දන ඒකකයේ අනතුරු අඟවයි.

Sri Lanka Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Wayomi Nov 12, 2023 11:14 AM GMT
Wayomi

Wayomi

Report

අද දින(12) කොළඹ ,ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක වල දින පහක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ,වෛද්‍ය නලින් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.

තවද එම මහතා පැවසුවේ කොළඹ මහ නගර සීමාව, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර ,කෑගල්ල සහා කුරුණෑගල යන දිස්ත්‍රික්වල දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බවත් එයට හේතුව වන්නේ මේ දිනවල ඇතිවන අධික වර්ෂාව බවයි .

එම නිසා ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ තමන් අවට පවතින මාරු මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කරන ලෙසයි.

තවද ආරියරත්න මහතා පවසා සිටියේ මේ වන විට දිවයින පුරා වාර්තාවන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑ දහසක් සීමාව පසුකර ඇති බවත්, මේ මාසය වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2300 ක් බවත්ය.

ReeCha