වහාම ක්‍රියාත්මක වන පරිදි දයාසිරිට තහනම් නියෝගයක් නිකුත් කෙරේ..!

Report

කොළඹ දිසා අධිකරණය විසින්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිසම් වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් නිකුත් කර තිබේ.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා,එම නියෝගය ලබන 21 දක්වා බල පැවැත්වෙන බව නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩ බලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

Sponsored By Sarrita Jewellery

වහාම ක්‍රියාත්මක වන පරිදි දයාසිරිට තහනම් නියෝගයක් නිකුත් කෙරේ..! | A Restraining Order Is Issued To Dayasiri