ආපදාවලින් පිඩාවට පත්වුවන්ට වන්දි ලබා දෙන වැඩපිළිවෙලක්
ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ දැඩි සුළඟින් හානිවූ නිවාස සඳහා වන්දි ලබා දීමට ජනාධිපතිතුමා විසින් රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇති බවයි.
එහි ආපදා කළමනාකරණ අංශය භාර අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පැවසුවේ ආපදා හේතුවෙන් පූර්ණ හානි වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක් ද, අර්ධ හානිවූ නිවාස සදහා හානිවූ ප්‍රමාණය අනුවද වන්දි ලබාදෙන බවයි.
අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකු සඳහා ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට පියවර ගෙන ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු සදහාද ලක්ෂ 10ක වන්දියක් ලබාදෙන බවයි.