අලුත් පාසලක වැඩ භාරගන්න ඔන්න මෙන්න තියෙද්දී විදුහල්පතිවරයෙක් සියදිවි නසා ගනී.

Sri Lanka Police Death
By Wayomi Apr 25, 2024 08:57 AM GMT
Wayomi

Wayomi

Report

කුරුණෑගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, 55හැවිරිදි කුරුණෑගල, මරලු‍වාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔහු ඊයේ (24) රාත්‍රී අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යළි නිවස වෙත පැමිණ ඇති අතර මධ්‍යම රාත්‍රී 12:00ත් අලුයම 5:00ත් අතර කාලයේ සියදිවි හානි කර ගෙන ඇති බවයි.

පෞද්ගලික හේතුවක් මෙම මරණයට හේතු වී ඇති බවට පොලිසිය සැක පළ කරන අතර ඔහු කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයා ලෙස අප්‍රේල් 22 දින වැඩ භාර ගෙන තිබෙනවා.

ඒ, අනුව ඔහු අප්‍රේල් 29 වන සඳුදා නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතව සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණැගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

........................................................

May you Like