තව මාස 04කින් රටේ විශාල පෙරළියක්.. ඉහළ දේශපාලන ආරංචි මාර්ග පවසයි..

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Dinesh Gunawardena Ranil Wickremesinghe Sri Lanka Politician
By Aruna Dec 03, 2023 07:34 AM GMT
Aruna

Aruna

Report

රට තුල මේ වන විට පවතින වාතාවරණය හමුවේ ඉදිරියේදී දේශපාලන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවීමට නියමිතව ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ලබන වසරේ (2024) අවසාන කාලය තුළ ජනාධිපතිවරයාගේ නිල කාලසීමාව අවසන් වන අතර ඒ හේතුවෙන් ජනාධිපති මැතිවරණයක් අනිවාර්යෙන් කැඳවිය යුතු වේ.

එවන් තත්ත්වයක් තුළ ලබන අප්‍රේල් මාසයේ නව ආණ්ඩුවක් පත්වන බවට ඉහළ දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව අප්‍රේල් මාසයේ නව ආණ්ඩුවක් පත් වන්නේ කුමණ ආකාරයෙන් ද යන්න ගැන තවමත් වාර්තා නොවේ.

මෙවන් පසුබිමක එවැනි නව ආණ්ඩුවක් පත්විය හැකි ක්‍රම දෙකක් පවතී.

එනම්, ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වා ඒ තුලින් නව ආණ්ඩුවක් පත් කර ගැනීම එක් ක්‍රමවේදයකි.

එසේත් නැතිනම් දැනට පාර්ලිමේන්තුවේ පවතින අමාත්‍ය මණ්ඩලය ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමෙන් නව ආණ්ඩුවක් බිහි කළ හැකි වේ.

එවන් පසුබිමක 2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ නව ආණ්ඩුවක් බිහි වන බව, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ද සිය මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර තිබේ.

තව මාස 04කින් රටේ විශාල පෙරළියක්.. ඉහළ දේශපාලන ආරංචි මාර්ග පවසයි.. | A Political Upheaval In The Country

මීට අමතරව ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග අනුවද තවත් මාස හතරකින් පසුව නව ආණ්ඩුවක් බිහි කරන බවට මත පළවෙමින් පවතී.

කෙසේවෙතත්, ලබන වර්ෂයේ සිදුවීමට යන මෙම දේශපාලන පෙරළිය රටේ ඉදිරි අනාගතට ප්‍රබලවම බලපානු ඇත.


Gallery
ReeCha